ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡාවලට සියල්ල සූදානම්

Saturday, 21 March 2015 - 12:49

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
වසරකට ආසන්න කාලයක් ඇණහිට තිබූ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා මේ මස 24 සහ 25 යන දිනවලදී ඉන්දියාවේ චෙන්නායි හිදී පැවැත්වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර සමිති නියෝජිතයන් 10 දෙනෙකු සහභාගි වන බවයි ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යාංශය සදහන් කළේ. මීට අමතරව සාකච්ඡා නිරීක්ෂකයින් ලෙස ධීවර අමාත්‍යාංශය සහ ධීවර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් 6 දෙනෙකු සහභාගි වනු ඇති. අවසන් වරට දෙරටේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේ පසුගිය වසරේ මැයි මාසයේදියි. සාකච්ඡා සදහා සහභාගි වන ශ්‍රී ලාංකික නියෝජිතයින් මේ මස 23 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ධීවර සාකච්ඡා මේ මස 24 වැනිදා සහ 25 වන දා චෙන්නායි නුවර දී පැවැත්විය හැකි බව තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජය වෙත දැනුම් දී තිබෙනවා. එම සාකච්ඡා මාර්තු 5 වන දා පැවැත්වීමටයි මුලින් සැලසුම් කර තිබුණේ. එහෙත් එය මාර්තු 11 වන දා දක්වා කල් තබනු ලැබුවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා චාරිකාව හේතුවෙන් පසුව එම සාකච්ඡා නැවතත් කල් දැමීමට සිදුවුණා.

ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සඳහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා චාරිකාවේදීද දෙරට අතර ධීවර ගැටලූව පිළිබඳව අවධානය යොමුවූ බවයි. එමෙන්ම නව රජය යටතේ පැවැත්වෙන ප්‍රථම ද්විපාර්ශවික ධීවර සාකච්ඡාව මෙය බවද ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories