Update: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වූ නව ඇමතිවරු මෙන්න

Sunday, 22 March 2015 - 12:34

Update%3A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 26 දෙනෙකු මීට ටික වේලාවකට පෙර රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේයි. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් ලෙස අමාත්‍යවරුන් 11 දෙනෙකු දිවුරුම් දී තිබෙනවා.

කැබිනට් අමාත්‍යවරු

01- ඒ.එච්.එම්. ෆවුසි මහතා    -    ආපදා කළමනාකරණ අමාත්‍ය

02- එස්.බී නාවින්න මහතා    -    කම්කරු අමාත්‍ය

03- පියසේන ගමගේ මහතා    -    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

04- ආචාර්ය සරත් අමුණුගම මහත   -    උසස් අධ්‍යාපන හා පර්ය්ෂණ අමාත්‍ය

05- එස්.බී. දිසානායක මහතා    -    ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍ය

06- ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා  -    පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

07- ෆිලික්ස් පෙරේරා මහතා    -    විශේෂ ව්‍යාපෘති අමාත්‍ය

08- මහින්ද යාපා අබේවර්ධන මහතා    -    පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

09- රෙජිනෝල්ඩ් කුරේ මහතා    -    ගුවන් සේවා අමාත්‍ය

10- විජිත් විජයමුණි සොයිසා මහතා    -    වාර්මාර්ග අමාත්‍ය

11- මහින්ද අමරවීර මහතා    -    ධීවර අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු

01-  පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය    -    පරිසර රාජ්‍ය අමාත්‍ය

02-  ජීවන් කුමාරතුංග මහතා    -    කම්කරු රාජ්‍ය අමාත්‍ය

03- මහින්ද සමරසිංහ මහතා    -    මුදල් රාජ්‍ය අමාත්‍ය

04- සී.බී. රත්නායක මහතා    -    රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රිය පාලන රාජ්‍ය අමාත්‍ය

05- ඩිලාන් පෙරේරා මහතා    -    නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

01- තිස්ස කරලියද්ද මහතා    -    බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රිය පාලනය පිළිබද නියෝජ්‍ය

02- දයාශ්‍රීත තිසේරා මහතා    -    ධීවර නියෝජ්‍ය අමාත්‍ය

03- රංජිත් සියඹලාපිටිය මහතා    -    ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

04- ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා    -    ආපදා කළමණාකරන නියෝජ්‍ය අමාත්‍ය

05- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා-    ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය

06- ලලිත් දිසානායක මහතා    -    වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

07- ජගත් පුෂ්පකුමාර මහතා    -    වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය

08- ලසන්ත අලගියවන්න මහතා    -    ග්‍රාමීය ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
 
09- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය    -    උසස් අධ්‍යාපන හා පර්යේෂණ  නියෝජ්‍ය අමාත්‍ය

10- ශාන්ත බණ්ඩාර මහතා    -    ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය








































Update : Sunday, 22 March 2015 - 02:58 PM
-------------------------------------------------
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 26ක් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 26 දෙනෙකු මීට ටික වේලාවකට පෙර රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේයි. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා. කැබිනට් අමාත්‍යවරුන් 11 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ඊට ඇතුළත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 


Update : Sunday, 22 March 2015 - 03:48 PM
-------------------------------------------------

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 10කට කැබිනට් ඇමතිකම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්  10  දෙනෙකු අද පස්වරු 2.00  ට කැබිනට්  අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙන බව ඇමති  අකිල විරාජ් කාරියවසම්   මහතා පවසයි.

Update : Sunday, 22 March 2015 - 12.35 AM
-------------------------------------------------

ජාතික ආණ්ඩුවකට මෙන්න පොට 

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම හෙට (23) සිදුවන අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 කට වැඩි සංඛ්‍යාවකට ඇමති පදවි හිමිවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.  කොළඹ අද පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසකට රාජ්‍ය අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර හිමිවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ ඇමති පදවි භාරගැනීම, පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා වටා රොක්වූ ජන බලවේගය පාවාදීමක් බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කළේ.
ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කරගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ  හැකියාව පිළිබඳ   අමාත්‍ය රාජිත සේනාරත්න ද අදහස් පළකළා.

මේ අතරශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් සකාච්ඡාවක්   පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  පැවැත්වීමට ද නියමිත බව සඳහන්ය.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories