ඩී.එස්. - මහානාම ක්‍රිකට් තරඟය අතර ගැටුමක්

Sunday, 22 March 2015 - 18:21

%E0%B6%A9%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ අද (22) පැවති පාසල් ක්‍රිකට් තරගයක් අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තා. කොළඹ - ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතරයි එම තරඟය පැවැත්වුණේ. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ මහානාම විද්‍යාලය නියමිත පන්දු වාර 50 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 175ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි ඩී.එස්. සේනානායක විද්‍යාලය පන්දු වාර 40යි පන්දු 1කදී කඩුලූ 4ක් පමණක් දැවී ලකුණු 175ක් රැස් කරගෙන සිටින අවස්ථාවේදී මහානාම විද්‍යාලයේ ක්‍රීඩාලෝලීන් සහ සිසුන් පිටියට පිවිස තරඟයට බාධා එල්ල කළ බව හිරු ප්‍රවෘත්ති අංශයට  වාර්තා වුණා. එම අවස්ථාවේදී පාසල් දෙකෙහිම ක්‍රීඩාලෝලීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. පොලිස් කණ්ඩායම් යොදවා එම තත්ත්වය පාලනය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ. සිද්ධියෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා. කෙසේ වෙතත්, තරඟ තීරකවරුන් මෙහි ජයග්‍රහණය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ලබාදීමට තීරණය කළ බව ද අද පස්වරුවේ වාර්තා වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories