Update : ඞී.එස්. - මහානාම ගැටුමෙන් 7ක් රෝහලේ

Monday, 23 March 2015 - 7:42

Update+%3A+%E0%B6%9E%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ ඊයේ පස්වරුවේ පැවති පාසල් ක්‍රිකට් තරඟයක් අතරතුර ඇති වූ ගැටුමකින් පාසල් සිසුන් ඇතුළු 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරළි මර්දන ඒකකය ද කැදවීමට සිදුවූ බවයි.

කොළඹ - ඞී.එස්.සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර ඊයේ තරඟය පැවැත්වුණේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදියි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ මහානාම විද්‍යාලය නියමිත පන්දු වාර 50 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 175ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි ඞී.එස්. සේනානායක විද්‍යාලය පන්දු වාර 40යි පන්දු 1කදී කඩුලූ 4ක් පමණක් දැවී ලකුණු 175ක් රැස් කරගෙන සිටින අවස්ථාවේදී මහානාම විද්‍යාලයේ ක්‍රීඩාලෝලීන් සහ සිසුන් පිටියට පිවිස තරඟයට බාධා එල්ල කර තිබෙනවා. එම අවස්ථාවේදී පාසල් දෙකෙහිම ක්‍රීඩාලෝලීන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා. එහිදී පොලිස් කණ්ඩායම් යොදවා එම තත්ත්වය පාලනය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ. කෙසේ වෙතත්, අවසානයේ තරඟ තීරකවරුන් ජයග්‍රහණය කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලයට ලබාදීමට කටයුතු කර තිබෙනවා.  

මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/y0j3Bj



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories