තර්ස්ටන් විද්‍යාලයට අපලයි

Monday, 23 March 2015 - 13:27

%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා හිිමි නමකට පරුෂ වචනයෙන් බැන වැදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගමය අද (23) එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. පසුගිය 19 වැනිදා සිද්ධියට මුහුණදුන් හිමිනම මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධියට සම්බන්ධ විදුහල්පතිවරයා පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු  එම තනතුරෙන් ඉවත් කළ බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පසුගියදා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් විරෝධතාවයේ නිරත ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ තාවකාලිකව නොව මොහු එම තනතුරෙන් ස්ථීරවම ඉවත් කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories