සිරුරේ කොටස් හඳුනා ගන්න පොලීසිය සහය පතයි

Monday, 23 March 2015 - 13:40

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් මිනිස් සිරුරු කොටස් හමුවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට පොලීසිය මහජන සහය පතනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කිසියම් පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බවට තොරතුරු පවතින්නේ නම් ඒ පිළිබඳව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුුම්වත් කරන ලෙසයි.

පසුගියදා හමුවූ මිනිස් සිරුරු කොටස් සම්බන්ධයෙන් වාර්තාවන් ලබාදෙන ලෙසද මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මීට පෙර පොලිස්පතිවරයාට ද නියෝග කළා. එමෙන්ම සිද්ධීන්වලට අදාළ පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මළ සිරුරු කොටස් හමුවූ ස්ථාන අවට ඇති සී.සී.ටී.වී කැමරා දර්ශන පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා.  

පසුගිය දින කිහිපය තුළදී කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් පුද්ගල ශරීර කොටස් හමුවීම තවමත් අභිරහසක්. වම් අත නොමැති පුද්ගල මළ සිරුරක් දියවන්නා ඔයේ තිබී සොයාගත්තේ 18වැනිදා උදෑසනයි. මීට අමතරව දෙමටගොඩ, සිරිධම්ම මාවත් ඇලක තිබී කපා දැමූ පාද යුගලක් පසුගිය 14 වැනිදා හමුවුණා. එමෙන්ම වැලිකඩ - නාවල ප්‍රදේශයේ ඇලක තිබී  මිනිස් වම් අතක් හමුවූ අතර, දෙමටගොඩ - කළු පාලම අසල තිබී පිළිස්සුණු පුද්ගලයෙකුගේ කඳ කොටසක් පසුගිය 17 වැනිදා පොලිසිය සොයාගනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories