රුසියාවේ හිටපු තානාපති අතුරුදන්

Monday, 23 March 2015 - 18:34

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ආයුධ වෙළඳාමට අමතරව තානාපති වරප්‍රසාද උපයෝගී කර ගනිමින් තේ වෙළඳාමේ ද නිරත වී ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළා. මෙරටට පැමිණෙන ලෙස දැනුම් දී ඇතත්, ඔහු මෙතෙක් දිවයිනට පැමිණ නොමැති බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණ කළේ.

රුසියාවේ තානාපතිවරයා ලෙස සේවය කරමින් සිටියදී යුක්රේනය තුළ සටන් වැදී සිටින බෙදුම්වාදී කැරළිකරුවන් වෙත ආයුධ ලබාදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය උදයංග වීරතුංගට එරෙහිව පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා. වසර 9කට ආසන්න කාලයක් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියෙක්.

මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල නවතම තොරතුරු දැන ගැනීම සඳහා හිරු ප්‍රවෘත්ති අංශය දුරකථනය ඔස්සේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සම්බන්ධ කර ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories