Update: නව පක්ෂයක් ගොඩනැගීමට හිටපු ජනපති මහින්දට යෝජනා

Tuesday, 24 March 2015 - 12:58

Update%3A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයට පැමිණ සාමය සහ යුක්තිය පිළිබඳ භික්ෂු සංවිධානය සමඟ මෙන්ම කලාකරුවන් පිරිසක් සමගද සාකච්ඡාවක නිරතවුණා. ප්‍රථමයෙන් පැවති සාමය සහ යුක්තිය පිළිබඳ භික්ෂු සංවිධානයේ සාකච්ඡාව සඳහා දිවයිනේ සියලූ ප්‍රදේශ නියෝජනය කරමින් 500 කට අධික මහා සංඝරත්නය වැඩම කර සිටියා. එහි සභාපතිවරයා වන්නේ නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්.

කඩිනම් මහා මැතිවරණයක් ලබා ගැනීම සහ හිටපු ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන අගමැති අපේක්ෂකයා බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මහා සංඝ රත්නය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අවස්ථාවක් නොලැබුණහොත් නව පක්ෂයක් පිහිටුවාගෙන හෝ හිටපු ජනාධිපතිවරයා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි.  

අනතුරුව හිටපු ජනාධිපතිවරයා කලාකරුවන් පිරිසක් සමගද සාකච්ඡාවක නිරතවුණා. සාකච්ඡා අවසන් වීමෙන් පසු අභයාරාම විහාරස්ථානයෙන් පිටව යන මොහොතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු ලබාදුන්නා. මෙහිදී ඔහු කියා සිටියේ යම් වැරදි සිදුවී ඇති බවයි. වත්මන් ආණ්ඩුවේ විධායක ජනාධිපතිවරුන් වැඩිවී ඇති බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.



Update: Tuesday, 24 March 2015 - 06:57 PM
......................................................
මහින්ද අගමැති කරන්න සංවිධානයක් එයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (24) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයට පැමිණ මහා සංඝරත්නය සමඟ සාකච්ඡාවක නිරත වුණා. මෙම සාකච්ඡාවට සියලූ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් 500කට අධික මහා සංඝරත්නය පැමිණ සිටින බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු කියා සිටියේ. මෙහිදී සාමය සහ යුක්තිය පිළිබඳ භික්ෂු සංවිධානය නමින් නව සංවිධානයක් ද බිහි කරගෙන තිබෙනවා. එම සංවිධානය බිහි කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ කඩිනම් මහා මැතිවරණයක් ලබා ගැනීම සහ හිටපු ජනපති එක්සත් ජනතා නිදහස් සන්ධාන අගමැති අපේක්ෂකයා බවට පත් කිරීමයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories