සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් වෙයි

Tuesday, 24 March 2015 - 19:02

%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. අද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමට පෙරයි පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වුනේ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඇමති ධුර ලබාගැනීම සම්බන්ධයෙන් සන්ධානය නියෝජනය කරන අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරු විවිධ අදහස් පළ කර තිබෙනවා. එය උණුසුම් සංවාදයක් බවට පත්වූ අතර එහිදී තීරණය කර ඇත්තේ අමාත්‍ය ධුර ලබාගත් නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගි නොවී සිටීමටයි. කෙසේ වෙතත් ඉදිරියේදී රැස්වී මේ පිළිබඳ අද යළි සාකච්ඡා කිරීමට තීරණය කළ බවද රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගෙන් කරුණු විමසුවා. ඔහු කියා සිටියේ මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කළත් පසුව යම් එකඟතාවකට පැමිණීමට හැකිවූ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories