කටාර් රාජ්‍යයත් මෙරට තෙල් ගවේෂණයට එයි

Wednesday, 25 March 2015 - 7:37

%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%80%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ ගෑස් සහ තෙල් ගවේෂණ කටයුතු සඳහා කටාර් රාජ්‍යය කැමැත්ත පළ කර තිබෙනවා. නිල සංචාරයක් සඳහා ඊයේ (24) දිවයිනට පැමිණි කටාර් එමීර්වරයා වන ෆෙයික් තමීන් බින් හමීන් අල් තානි මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදියි. මෙරට ආයෝජන කටයුතු සඳහා දැඩි උනන්දුවකින් පසුවන බව කටාර් නායකයා මෙහිදී කියා සිටියා. මන්නාරම් ද්‍රෝනියේ තෙල් සහ ගෑස් ගවේෂණ කටයුතු සදහා සොයා බැලීමට කටාරයේ නියෝජිත පිරිසක් ඉදිරියේදී ශ්‍රී ලංකාවට එවන බවයි ඔහු සඳහන් කළේ. ඔහුගේ සංචාරයට සමගාමීව දෙරට අතර ගිවිසුම් 3 කටද අත්සන් කර තිබෙනවා. ක්‍රීඩා, තරුණ සංවර්ධන සහ දෙරට අතර තොරතුරු හුවමාරු ක්ෂේත්‍රවලට අදාළවයි මෙම ගිවිසුම් 3 අත්සන් කෙරුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories