ප්රංශයේ ඇල්ප්ස් කඳු ආශ්රීත ප්රදේශයකට කඩා වැටුණු ජර්මන් ගුවන් යානයේ සිටි 150 දෙනාම මිය ගොස් ඇති බවට එරට බලධාරීන් පවසනවා. මෙම යානයේ කළු පෙට්ටිය හමු වී ඇති අතර තවදුරටත් එම ප්රදේශයේ මෙහෙයුම් ක්රියාත්මක බවයි විදෙස් වාර්තා සදහන් කළේ. අනතුරට ලක් වන විට ජර්මන් ගුවන් යානයේ ළමයින් 16 දෙනෙකු ද ගමන් කර තිබෙනවා.තවද ජනප්රිය ඔපෙරා ගායිකාවක් වන මාරියා රාඩ්නේර් සහ ඇගේ සැමියා සහ දරුවාද මෙම අනතුරෙන් මියගොස් තිබේ. ඊයේ (24) මෙලෙස කඩා වැටී ඇත්තේ බාසිලෝනාවේ සිට ජර්මනියේ ඩින්ග් දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයකුයි.
Follow US
Most Viewed Stories