ඉන්දීය ධීවරයන් ලංකාවට එනවලූ

Wednesday, 25 March 2015 - 13:23

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%96
වසරකට දින 83 ක් පෙර දැනුම්දීමකින් පසුව මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීම සඳහා ඉන්දීය ධීවරයින්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලාංකික ධීවර සංගම් එකගත්වය පළ කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පැය 8 ක් පුරා චෙන්නායි හි ඊයේ (24) පැවති ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡාවලදී මෙම තීරණයට පැමිණ ඇති බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා වෙරළට නාවික සැතපුම් 5 ක් දුරින් සිට ධීවර කටයුතුවල නිරත විය යුතු බවයි ශ්‍රී ලාංකික ධීවර සංගම් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. එසේම, ශ්‍රී ලාංකික ධිවරයින්ට පවතින ගැටලූ රැසක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට ඉන්දීය ධීවරයින් මෙහිදී සාකච්ඡා කළ බවයි ඉන්දීය වාර්තාවල දැක්වුණේ. සාකච්ඡාවලදී ගත් තීරණ සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත රජය ද දැනුවත් කිරීමට නියමිතයි.  

මේ අතර ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 54 දෙනෙකු නිදහස් කර තිබෙනවා. මොවුන් පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගත්තේ යාත්‍රා 10 ක් සමඟයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories