මිලියන 200 ගැසට් නිවේදනය අත්හිටුවයි

Wednesday, 25 March 2015 - 13:59

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+200+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මත්පැන් සහ බීර නිෂ්පාදනය කරන ආයතනවලින් අවම මාසික බදු ගාස්තුව ලෙස රුපියල් මිලියන 200 ක් අය කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ මත්පැන් සහ බීර නිෂ්පාදන සමාගම් 4ක් ගොනුකළ පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදීයි. මෙලෙස රුපියල් මිලියන 200 ක බද්දක් අය කළ යුතු බවට යෝජනා කෙරුණේ පසුගියදා රජය ඉදිරිපත් කළ අතුරු අයවැයෙන්. අදාළ තීරණය මගින් තම මූලික අයිතිවාසිකම් කඩ වන බව පවසමිනුයි මත්පැන් නිෂ්පාදන ආයතන 4 ක් මෙම පෙත්සම ගොනුකර තිබුණේ. ඊට අදාළව විරෝධතා ඇත්නම්, අප්‍රේල් 30 වනදා ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලෙස මුදල් අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට මෙහිදී නියෝග කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories