මහින්දගේ ආරක්ෂාව ගැන බරපතල ප්‍රශ්නයක් ?

Wednesday, 25 March 2015 - 19:03

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලූ මතු වී ඇතැයි ඔහුගේ මාධ්‍ය ඒකකය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එසේම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා අසත්‍ය ප්‍රචාර සිදුකර ඇති බවද එහි දැක්වෙනවා.

කැබිනට් ප්‍රකාශකවරයා ඊයේ සඳහන් කර තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හමුදා සෙබළුන් 108 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 105 දෙනෙකුගේ ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ කටයුතු සඳහා වාහන 21 ක්ද ලබාදී ඇති බවයි. එහෙත් හිටපු ජනාධිපතිවරයාට සපයා ඇත්තේ වාහන 06 ක් බවත්, ආරක්ෂක නිලධාරීන්ට මාර්තු 03 වැනිදා සිට කිසිදු වාහනයක් ලබාදී නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකරණ ඒකකය ප්‍රකාශ කරනවා. ආරක්ෂක නිලධාරීන්ගේ කටයුතු සඳහා වාහන නොමැතිවීම බරපතල ගැටලූවක් බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අවසන් කළද හිටපු කොටි සාමාජිකයන් නැවත සංවිධානවීමට උත්සාහයන් කිහිපයක් ගත් බවත්, හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඒවා ව්‍යර්ථ කළ බවත් අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා. එම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජීවිතයට ඍජු තර්ජන නිරන්තරයෙන් පවතින බව එහි සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories