බස්නාහිර මහ ඇමති අද අලූයම දිවයිනට

Thursday, 26 March 2015 - 8:19

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සන්ධාන අගමැති අපේක්ෂකයා ලෙස පත් කරන මෙන් බලකරමින් රත්නපුරය සීවලී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන ජනරැළියට සහභාගිවීම සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද අලූයම  ඕස්ට්‍රේලියාවේ සිට යළි දිවයිනට පැමිණියා. ඔහු කටුනායක ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ තමා ඇතුලූ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මෙම රැළියට සහභාගි වන බවයි.

මේ අතර අද පැවැත්වෙන ජන රැළියට බස්නාහිර පළාත් සභාවේ සහ එහි පලාත් පාලන මන්ත්‍රීවරුන් 190 කට වැඩි පිරිසක් සමග සහභාගි වන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ විදේශගතව සිටියදී සිය ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවි පිටුවේ සටහනක් තබමින් කියා සිටියා.

මේ අතර අද පැවැත්වෙන ජන රැළියට මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමයේ නායකයන්ද එක්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories