ගෝඨාගේ බැංකු ගිණුම් පරීක්ෂා කරන්නැයි නියෝග

Thursday, 26 March 2015 - 12:28

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සියලූ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා. ඒ, ඇවන්ගාඞ් සමාගමට අයත් ගාල්ල වරායේ පවතින පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කළ අවස්ථාවේදියි. හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව අතිරේක ලේකම් ඞී.එම්. එස්. ජයරත්න සහ ඇවන්ගාඞ් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සියලූම සාමාජිකයින්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරන ලෙසට ගාල්ල මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories