Update : ප්‍රියන්ත සිරිසේනට කොටපු යාළුවා 8 වෙනකන් හිරේ

Friday, 27 March 2015 - 8:00

Update+%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F+8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
ජනාධිපතිවරයාගේ සහෝදරයෙකු වන ප්‍රියන්ත සිරිසේනට පොරවකින් පහර දුන් 34 හැවිරිදි හපුතන්ත්‍රිගේ ඉෂාන් ලක්මාල් නමැත්තා අප්‍රේල් 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ සැකකරු අද (27) පස්වරුවේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි. තුවාල ලැබූ ප්‍රියන්ත සිරිසේනගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව තමාට මෙතෙක් වාර්තාවක් ලැබී නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සදහන් කළා.

මෙම සැකකරු විසින් ප්‍රියන්ත සිරිසේනට පහරදුන් බවට සැකකෙරෙන පොරව ද අද උදෑසන සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළා. ඒ, මෙම සිදුවීම වාර්තා වූ පොළොන්නරුව නව නගරයේ 4 ඇළ ප්‍රදේශයේ තිබියදීයි.

බකමූණ පොලීසියට භාර වූ ඉෂාන් ලක්මාල් අද උදෑසන පොළොන්නරුව පොලිසිය වෙත රැගෙන ආවා. ඊයේ රාත්‍රීයේ පෞද්ගලික ආරවුලක් මත ඇති වූ ගැටුමක් දුරදිග යාමෙනුයි ඔහු ජනාධිපතිවරයාගේ සහෝදරයෙකු වන ප්‍රියන්ත සිරිසේනට පහර දී තිබුණේ.  

අනතුරුව පොළොන්නරුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ප්‍රියන්ත සිරිසේන පසුව ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු කෙරුණා. මේ වනවිට ඔහු කොළඹ - පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අප ප්‍රියන්ත සිරිසේනගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට එම පෞද්ගලික රෝහලට අවස්ථා කිහිපයකදී ඇමතුම් ලබා ගත්ත ද ඔවුන් අප වෙත තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළා.



Update : Friday, 27 March 2015 - 8:00
.......................................................................................................................................................

ජනපති සොයුරු ප්‍රියන්තට පහරදුන් පොරව හමුවේ

ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේනට පහරදුන් බවට සැකකෙරෙන පොරව සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා. ඒ අදාළ පහරදීම සිදුවූ ස්ථානය ආසන්නයේ තිබියදීයි. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පහරදීමට සම්බන්ධ සැකකරුවන ලක්මාල් නමැත්තා අද (27) දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

සැකකරු මේ වනවිට පොළොන්නරුව පොලිසිය වෙත රැගෙනවිත් තිබෙනවා. ඒ බකමූණ පොලිසියේ සිටයි. ඊයේ රාත්‍රියේ පුද්ගලික ආරවුලක් මත ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු ලෙස ප්‍රදේශයේ ප්‍රසිද්ධ අයට ලක්මාල් නමැත්තා පහරදී බරපතල තුවාල සිදුකර තිබුණා.

පොළොන්නරුව - 4 ඇළ ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රියේ මෙලෙස ප්‍රහාරයකට ලක්වූ ඔහු මුලින්ම පොළොන්නරුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවා. එහිදී හදිසි ප්‍රතිකාර ලබාදුන් ප්‍රියන්ත සිරිසේන ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු කර තිබුණා. මේ වනවිට ඔහු කොළඹ - පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සැකකාර ලක්මාල් නමැත්තා පහරකෑමට ලත් ප්‍රියන්ත සිරිසේනගේ මිතුරෙකු වන බව ද සඳහන්.



Update: Friday, 27 March 2015 - 12:12 PM
......................................................................
ජනපති සොහොයුරු ප්‍රියන්ත, කොළඹ පුද්ගලික රෝහලකට

තියුණු ආයුධයකින් පහරකෑම හේතුවෙන් බරපතල තුවාල ලැබූ ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජු මේ වනවිට ප්‍රතිකාර සඳහා කොළඹ  පුද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. පොළොන්නරුව - 4 ඇළ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ මෙලෙස ප්‍රහාරයකට ලක්වූ ඔහු මුලින්ම පොළොන්නරුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවා. එහිදී හදිසි ප්‍රතිකාර ලබාදුන් ප්‍රියන්ත සිරිසේන ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු කර තිබුණා. මේ වනවිට ඔහු කොළඹ -  පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ප්‍රියන්ත සිරිසේනට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ මිතුරෙකු වන ලක්මාල් නමැත්තා සොයා පොලිස් පරීක්ෂණ දියත් කෙරුණු අතර පසුව ඔහු ඊයේ (26) රාත්‍රියේ බකමූණ පොලිසියට භාර වුණා. සැකකරු අද (27) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහාකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :
http://goo.gl/skzSxm



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories