අගමැති රනිල් යාපනයේදී දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් හමුවේ

Friday, 27 March 2015 - 12:28

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
උතුරු පළාතේ තුන්දින සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ වනවිට යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක එක්ව සිටිනවා. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මීට අමතරව අග්‍රාමාත්‍යවරයා නැවත පදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව සහ පුනරුත්ථාපනය වූ තරුණයන්ගේ සුබසාධන කටයුතු පිළිබඳ සාකච්ඡාවකට ද සහභාගි වීමට නියමිතයි. උතුරේ සිය සංචාරය ආරම්භ කරමින් යාපනය නගරයට අද (27) උදෑසන පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පළමුවෙන්ම පැමිණියේ නාග විහාරයටයි. එහිදී ආගමික වතාවත්වලට සහභාගි වූ අගමැතිවරයා පසුව වීරසිංහම් ශාලාවේදී පැවති ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ වැඩසටහනට සහභාගි වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories