විමල් වීරවංශ නැවතත් අල්ලස් කොමිසමට

Friday, 27 March 2015 - 12:32

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (27) යලිත් අල්ලස් කොමිසම වෙත පැමිණියා. අල්ලස් කොමිසම සිදුකළ දැනුම් දීමකට අනුව පෙරවරු 9.30ට පමණ ඔහු  එම කොමිසම වෙත පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. සිය වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා පසුගිය මාර්තු මස 09 වැනිදා පළමු වරට හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසම වෙත පැමිණියා.

මීට පෙර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශණ ඒකකය වෙත පැමිණියේ පෙබරවාරි මස 23 වැනිදායි. ඒ කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ජී. එච්. බුද්ධදාස කරන ලද පැමිණිල්ලකට අනුවයි. එමෙන්ම ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලග තබා ගැනීමේ චෝදනාවට මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශශී වීරවංශ අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories