යුරෝපා සංගමය, එල්.ටී.ටී.ඊ. තහනම නැවතත් දීර්ඝ කරයි

Saturday, 28 March 2015 - 12:59

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%2C+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A.+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
යුරෝපා සංගම් අධිකරණය විසින් ලබාදුන් තීන්දුව නොතකා එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (27) රැස්වූ යුරෝපා කවුන්සිලයේදී මෙම තීරණය ගෙන ඇත්තේ. මෙම තහනමත් සමඟ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුරෝපා සංගමයේ රටවල් 28ක් තුළ තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත වන බවයි වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පසුගිය වසරේදී යුරෝපා සංගමයේ සාමාන්‍ය අධිකරණය එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පැනවුණු සම්බාධක ඉවත් කරමින් ලබාදුන් තීන්දුව යළි සලකා බලන ලෙස එවකට විපක්ෂ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ යුරෝපා සංගමය වෙත විශේෂ ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම තහනම නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි බවයි වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories