රාජාංගනයේදී පෙරටුගාමී ප්‍රචාරක රථයකට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

Saturday, 28 March 2015 - 13:34

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක වැඩසටහනක රථයකට සහ එහි ගමන්ගත් පුද්ගලයින් තුන්දෙනෙකුට ඊයේ (27) කිසියම් පිරිසක් පහරදී ඇති බව එම පක්ෂය පවසනවා.  ‘‘වෙනසක් නෑ හැරෙමු වමට’’ යන තේමාව යටතේ ඔවුන් දිවයින පුරා පවත්වන ජනහමු මාලාවේ එක් පියවරක් අද (28) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණේ අනුරාධපුර - රාජාංගණයේදියි. එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පහරදීම සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ බීමත්ව සිටි පුද්ගලයෙකු අනුරාධපුර රාජාංගණය ප්‍රදේශයේදී මෙම ප්‍රචාරක රථයට පහරදී ගිනි තබා ඇති අතර, සිද්ධියට කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බවයි. මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories