යාපනයේ විදුහල්පතිවරුන්ට අගමැතිගෙන් මාස 6ක කාලයක්

Saturday, 28 March 2015 - 13:41

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+6%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, උතුරේ තම සංචාරයේ දෙවන දිනය වන අද (28) යාපනය දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් මුණ ගැසුණා. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති එම රැස්වීමට විදුහල්පතිවරුන් මෙන්ම උතුරු පළාතේ අධ්‍යාපන නිලධාරීවරුන් ද සහභාගි වී තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා, උතුරු පළාතේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා නව ප්‍රවේශයක් ඉදිරිපත් කළා. ඒ අනුව මුලතිව්, කිලිනොච්චි සහ වැලිඔය විශේෂ අධ්‍යාපන කලාපයක් ලෙස නම් කෙරෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේදී ඉදිරිපත් කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ.

උතුරු පළාතේ පාසල්වල ප්‍රගතිය ඇගයීමේ වැඩපිළිවෙලක් ද අගමැතිවරයා මෙහිදී ප්‍රකාශයට පත් කළා. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ තිස් වසරක යුද්ධයක් පවතිද්දී ද යාපනයේ ඇතැම් පාසල් ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ බවයි. එමෙන්ම ඇතැම් පාසල් යුද්ධයේ මුවාවෙන් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර නැහැ. එම තත්ත්වය තමා අවබෝධ කරගෙන සිටින බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ. එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන්ට පාසල් දියුණු කිරීම සඳහා සියලූ පහසුකම් ලබාදෙන බව ද අගමැතිවරයා ප්‍රකාශ කළා. එහෙත් මාස 6ක් තුළ ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අපොහොසත් වන විදුහල්පතිවරුන් මාරු කිරීමට සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories