තාත්තා පුතාව කාන්තාවකට විකුණලා

Sunday, 29 March 2015 - 16:22

%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%BD%E0%B7%8F
රුපියල් 50 000 කට අවුරුදු 8 ක කුඩා පිරිමි දරුවෙකු විකිණූ පුද්ගලයන් තුන්දෙනෙකු කටුගස්තොට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.  මෙම දරුවා මීට දින දෙකකට පමණ පෙර වරකාපොල ප්‍රදේශයේ කාන්තාවකටයි රුපියල් 50 000 කට තම සුළු පියා විසින් අලෙවි කර ඇත්තේ. මවගේ අනුදැනුමකින් තොරව මෙම දරුවා විකුණා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. දරුවා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුළු පියා, මිලට ගත් කාන්තාව ඇතුලූ ඊට අනුබල දුන් තවත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories