පළාත් පාලන ආයතන 234 ක නිල කාලය දීර්ඝ කෙරේ

Sunday, 29 March 2015 - 16:38

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+234+%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මාර්තු 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන 234 ක නිල කාලය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යවරයා එය සනාථ කළා. පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්වීමත් සමඟ ඒවා පළාත් පාලන කොමසාරිස්වරයාගේ පාලනයට යටත්වීමට නියමිතව තිබූ අතර ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම කොට්ඨාශ ක්‍රමය පදනම් කරගත් මිශ්‍ර ක්‍රමයකට පැවැත්වෙන බවයි මීට පෙර සඳහන් වුණේ. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගියදා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියේ මාර්තු 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතනවල කාලය වසරකින් කල් දමන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories