උතුරේ ප්‍රශ්නවලට අගමැතිගෙන් නිලධාරියෙක්

Sunday, 29 March 2015 - 18:47

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
උතුරේ සිවිල් පරිපාලනය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. උතුරේ සිදුකරන සංචාරය අතරතුර කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (29) පැවැති රැස්වීමකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. උතුරේ ජනතාවගේ ගැටළු නිරාකරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියෙකු පත් කිරීමට තීරණය කළ බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළා.

මේ අතර, පොරවකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ජනපති සොයුරු ප්‍රියන්ත සිරිසේනගේ දේහයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ අවසන් ගෞරව දක්වනු ලැබුවා. පොළොන්නරුව - ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රියන්ත සිරිසේනගේ නිවසට පැමිණි අග්‍රාමාත්‍යවරයා මෙලෙස දේහයට අවසන් ගෞරව දැක්වූ බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories