Update: හිටපු මහබැංකු අධිපතිගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

Monday, 30 March 2015 - 10:37

Update%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හෙජින් ගණුදෙනුව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැය 5ක කාලයක් අද (30) ප්‍රශ්න කරනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ අද උදෑසන 9.30ට පමණ ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ බවයි. හෙජින් ගිවිසුම හරහා ඩොලර් මිලියන 200ක පාඩුවක් සිදුව තිබෙනවා.               

මහ පරිමාණ වංචා සහ දූෂණ පිළිබඳ සෙවීමට පත් කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මීට පෙර අවස්ථා කිහිපයකදී විවිධ ගණුදෙනු සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ සිටි ප්‍රධාන පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.



Update: Monday, 30 March 2015 - 07:39 PM
...............................................................
මහ බැංකු හිටපු අධිපතිගෙන් ප්‍රශ්න කරයි

හෙජින් ගණුදෙනුව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිනවා. මෙම ගිවිසුම හරහා ඩොලර් මිලියන 200 ක පාඩුවක් සිදුව තිබෙනවා.  

මහ පරිමාණ වංචා සහ දූෂණ පිළිබඳ සෙවීමට පත් කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මීට පෙර අවස්ථා කිහිපයකදී විවිධ ගණුදෙනු සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ සිටි ප්‍රධාන පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා. 2006 වසරේ සිදුවූ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති මෙන්ම හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලකගෙන් මෙම ඒකකය පැය 6 කට අධික කාලයක් ප්‍රශ්න කළේ පසුගිය 27 වැනිදායි. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලකගෙන්ද පසුගිය 17 වැනිදා මෙම කොට්ඨාශය ප්‍රශ්න කළා.

ඊට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත්ගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය 16 වැනිදා ප්‍රශ්න කළේ වාහන කල්බදු පහසුකමකට අදාළ මූල්‍ය ගණුදෙනුවක් සම්බන්ධයෙන්.

මහ පරිමාණ වංචා සිද්ධීන් 12 ක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories