Update: අද සිට හිතේ හැටියට වයි - ෆයි

Monday, 30 March 2015 - 12:42

Update%3A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%86%E0%B6%BA%E0%B7%92
මෙරටට නව ආර්ථිකයක් සහ තාක්ෂණයක් ලබාදීම සියල්ලන්ගේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

දින 100යේ වැඩපිළිවෙල යටතේ දිවයින පුරා නොමිළේ වයි - ෆයි කලාප ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු පියවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (30) ආරම්භ වුණා. දැනට සාපේක්ෂව පහළ මට්ටමක පවතින මෙරට අන්තර්ජාල පහසුකම් භාවිතය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණක් වනවා. ඒ සඳහා රජය වැය කර ඇති මුළු ආයෝජනය රුපියල් බිලියනයක්. ආරම්භයේදී තත්ත්පරයට කිලෝ බිට් 512ක වේගයකින් යුතුව මෙගාබයිට් 100ක සීමාවකට යටත්ව නිදහස් වයි - ෆයි මේ අනුව සැපයෙනවා.

කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට අද පැවැති මෙම උත්සවයට සමගාමීව යාපනයේ ද මෙවැනි උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ අනුව දිවයිනේ තරුණ තරුණියන් බහුලව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවල මෙම වයි - ෆයි පහසුකම නොමිළේ ලබාදීම මෙම වැඩපිළිවෙලට අදාළව සිදුකෙරෙනු ඇති.



Update: Monday, 30 March 2015 - 07:46 pm
...............................................................

පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව නොමිලේ වයි - ෆයි අන්තර්ජාල පහසුකම ලබාදීමේ වැඩපිළිවෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (30) ආරම්භ වුණා. කොටුව දුම්රියපොල ඉදිරිපිට පැවති උත්සවයකදී මෙලෙස නොමිලේ වයි - ෆයි ලබාදීම සිදු කෙරුණා. මීට සමගාමීව යාපනයේද උත්සවයක් සංවිධාන කර තිබුණා. ඒ අනුව තරුණ තරුණියන් බහුලව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවලට වයි - ෆයි පහසුකම නොමිලේ ලබාදීමට පියවර ගැනෙනු ඇති. මේ සඳහා වැය කළ මුදල වටිනා ආයෝජනයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළා. පසුගියදා තමන් යාපනය ප්‍රදේශයේ සිදුකළ සංචාරය අතරතුර පසුගිය රජය සමයේ කන්කසන්තුරේ ඉදිවූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. ඒ සඳහා වැය කළ මුදල තරුණ තරුණියන්ට වයි - ෆයි ලබාදීම සඳහා මීට පෙර වැය කිරීමට හැකියාව තිබූ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories