Update: සාමාන්‍ය පෙළ ගණිතය අසමත් නිසා සිසුවිය ගෙල වැළලා ගෙන

Monday, 30 March 2015 - 18:12

Update%3A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1
අද (30) නිකුත් කෙරුණු 2014 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ පළමු ස්ථානය හිමිකරගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ තරිඳු නිර්මාල් වික්‍රමසිංහ සිසුවා සමත් වුණා. දෙවන ස්ථානය හිමිවූයේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ සඳනි නවංජනා ජයවර්ධන ශිෂ්‍යාවටයි. කොළඹ විශාකා විදුහලේ අමාෂි නිවර්තනා, ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ නුවනි නෙත්සරණි සහ මහනුවර මහමායා බාලිකා විදුහලේ ගරුනි හංසපානි අබේසිංහ පිළිවෙලින් තුන්වන ස්ථාන හිමිකරගත්තා.

2014 සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ඨම ප්‍රතිඵල ලබාගත් සිසුන්ගේ නාමලේඛනයට අනුව හතරවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ කොළඹ විශාකා විදුහලේ දෙව්නි රුවන්කා හේමසිංහ ශිෂ්‍යාවයි. පස්වන ස්ථානය කොළඹ දේවි බාලිකා විදුහලේ දිව්‍යාංජලී උත්තරා රාජපක්ෂ ශිෂ්‍යාවට හිමිවී තිබෙනවා. හය වන ස්ථාන 3 ක් පවතින අතර, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ලංසික ලසත් ගුණසේකර, මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර, මොරවක කීර්ති අභයවික්‍රම මධ්‍යමහා විද්‍යාලයේ අංජන රුචිරංග අභයදීප මදරසිංහ ශිෂ්‍යයා පිළිවෙලින් එම ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

මේ අතර, අද ප්‍රතිඵල නිකුත් වූ අපොස සාමාන්‍ය විභාගයේ ගණිතය විෂය සඳහා දෙවන වර ද පෙනී සිටි අසමත් වූ ශිෂ්‍යාවක් නිවසේ විදුලි පංකාවේ ගෙළ වැළලාගෙන දිවි හානි කරගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොළ පුස්සැල්ලාව - ඩී.එස්. වත්ත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ශිෂ්‍යාවක්. සිසුවියගේ දෙමාපියන් දෙදෙනා ද ගුරුවරුන් බවයි වාර්තා වන්නේ.

Update: Monday, 30 March 2015 - 07:13 PM
...................................................................

අද දිනයේ 2014 වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් වුණා. එය නිකුත් වීමත් සමඟම සිදුවූ සෝචනීය පුවතක් මේ වන විට ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ගණිත විෂය සඳහා දෙවන වරට පෙනී සිටි ශිෂ්‍යාවක් ඉන් අසමත්වීම හේතුවෙන් නිවසේ විදුලි පංකාවේ සාරියක් ආධාරයෙන් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොල පුස්සැල්ලාව ඩී.එස්. වත්තේ පදිංචි 17 හැවිරිදි ශිෂ්‍යාවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :

සාමාන්‍ය පෙළ දිනු හපන්නු මෙන්න



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories