යේමනයේ ගුවන් ප්‍රහාරවලින් 40ක් මරුට

Tuesday, 31 March 2015 - 9:06

%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+40%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි සන්ධානයේ ගුවන් ප්‍රහාරවලින් ඊයේ (30) දිනයේදී පමණක් පුද්ගලයන් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වයඹදිග යේමනයේ හජ්ජා ප්‍රාන්තයේ අවතැන් වූ කදවුරකට ද එම ගුවන් ප්‍රහාර පතිත වූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ජාත්‍යන්තර සංක්‍රමණික ආයතනය පවසන පරිදි එහිදී 200කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. යේමනයේ බලය අත්පත් කරගෙන සිටින හවුදි කැරළිකරුවන් සහ මධ්‍යම රජය අතර පවතින ගැටුම්වලදී සෞදි ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක වන්නේ රජයේ හමුදාවලට සහායක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories