වත්කම් හෙළි නොකළ සජින් වාස්ට ඇප

Tuesday, 31 March 2015 - 10:32

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
වත්කම්, බැරකම් හෙළිනොකිරිමේ සිද්ධියකට අදාළව අධිකරණයට ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (31) නියෝග කළා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාර මන්ත්‍රීවරයා මුදා හැරීමටයි. ඊට අමතරව මොහුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කෙරුණා. 2012 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිමින් සිය වත්කම් හෙළි නොකළ බවට වත්කම් හා බැරකම් පනතේ 9 - 1 වගන්තිය යටතේ අල්ලස් කොමිසම මෙම නඩුව පවරනු ලැබුවේ පසුගිය 20 වන දායි. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අද දිනයේ සජින් වාස් මන්ත්‍රීවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි.

ඊට අමතරව මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා පත්‍රය ද අද අධිකරණයේදී ඔහුට භාර දී තිබෙනවා. මෙම නඩුව සැප්තැම්බර් මස 1 වන දා සිට විභාග කිරීමටයි විනිසුරුවරයා තවදුරටත් නියෝග කළේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories