මහමැතිවරණය පවත්වන ක්‍රමය ගැන මත දෙකක්

Tuesday, 31 March 2015 - 13:07

%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
ඉදිරි මහමැතිවරණය දැනට පවතින ඡන්ද ක්‍රමයට හෝ ඉදිරියේදී සම්මත කර ගන්නා නව ඡන්ද ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් රජයට මත දෙකක් ඉදිරිපත් වූ බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පවසනවා. මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබද විශේෂ පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (30) පැවැත්වුණා. ඊට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ද එක්ව සිටියා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට අමාත්‍ය රවී කරුණානායක එක්ව සිටි අතර ඔහු කියා සිටියේ නව මැතිවරණ ක්‍රමයක් ඉදිරියේදී පැමිණෙන බවයි.

කෙසේ වෙතත්, ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණය මිශ්‍ර ඡන්ද ක්‍රමයකට පැවැත්විය යුතු බවට මෙම පක්ෂ නායක රැස්වීමේදී ලංකා සම සමාජ පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
 






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories