Update: අන්තරේ 5ක් සහ පොලීසියේ 6ක් තවමත් රෝහලේ

Tuesday, 31 March 2015 - 16:39

Update%3A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනකට එල්ලවූ කඳුළු ගෑස් සහ ජල කදම්භ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 5 දෙනෙකු තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ.  

මේ අතර ඊයේ (31) රාත්‍රියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර  පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් 6 දෙනෙකු සිද්ධියේදී තුවාල ලබා රෝහල් ගතකළ අතර ඔවුන්ගෙන් එක් අයෙකු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි. ශිෂ්‍ය නියෝජිතයන් පස්දෙනෙකුට බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දුන්න ද සිසුන් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුණු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.  

අධ්‍යාපන පෞද්ගලිකකරණය, පාසල්වල මුදල් එකතුකිරීම ඇතුලූ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහි කරුණු කිහිපයක් මුල්කරගෙනයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම පා ගමන සංවිධාන කර තිබුණේ. ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළ අතර හයිලෙවල් මාර්ගය ඔස්සේ ඔවුන් තුන්මුල්ල මංසන්ධියට පැමිණියා. අනතුරුව ගාලූ පාර ඔස්සේ අරලියගහ මන්දිරය වෙත ළඟාවීමටයි සිසුන් උත්සාහ කළේ. එම අවස්ථාවේදී මෙම පා ගමන වැළැක්වීමට පොලීසිය ජල කදම්භ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

එහිදී පොලීසිය සිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර සහෝදර සිසුන් ගාලූ පාර අවහිර කරමින් වාඩිවීමත් සමඟ ඔවුන් මුදාහරිනු ලැබුවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් ජාතික නිදහස් පෙරමුණ සහ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදන නිකුත් කර තිබුණා.

Update: Wednesday, 01 April 2015 - 7:46
---------------------------------------------------------
අන්තරේ විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර - සිසුන් ගාලූ පාර මැද වාඩිවෙයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනකට කොල්ලූපිටිය මංසන්ධිය ආසන්නයේදී අද පස්වරුවේ පොලීසිය කඳුළු ගෑස් සහ ජල කදම්භ ප්‍රහාරයක් එල්ල කළා. සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් අටදෙනෙකු, පොලිස් නිලධාරියෙකු සහ මාධ්‍යවේදියෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අධ්‍යාපන පුද්ගලිකකරණය, පාසල්වල මුදල් එකතුකිරීම ඇතුලූ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහි කරුණු කිහිපයක් මුල්කරගෙනයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම පා ගමන සංවිධාන කර තිබුණේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළ අතර හයිලෙවල් මාර්ගය ඔස්සේ ඔවුන් තුන්මුල්ල මංසන්ධියට පැමිණියා. අනතුරුව ගාලූ පාර ඔස්සේ අරලියගහ මන්දිරය වෙත ළඟාවීමටයි සිසුන් උත්සාහ කළේ. එම අවස්ථාවේදී මෙම පා ගමන වැළැක්වීමට පොලීසිය ජල කදම්භ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.                  

මේ පිළිබඳ හිරු පුද් ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ අධික රථවාහන තදබදයක් පවතින මොහොතක සිසුන් මාර්ගය අවහිර කරමින් අරලියගහ මන්දිරය දෙසට පැමිණීමට උත්සාහ කළ නිසා ඔවුන් විසුරුවා හැරීමට ක්‍රියාකළ බවයි.

මේ වනවිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් කොල්ලූපිටිය මංසන්ධියේ ගාලූපාර මධ්‍යයේ වාඩිවී සිටිනවා. සිසුන් මීට පෙර ප්‍රකාශ කළේ පොලීසිය අත්අඩංගුවට ගත් තම සහෝදර සිසුන් පස් දෙනෙකු නිදහස් කරන තුරු එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි. මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගත් සිසුන් පොලිසිය නිදහස් කර ඇති අතර, ගාලූ පාර මැද වාඩි වී සිටින සිසුන් තවමත් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් නැහැ.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කොල්ලූපිටිය පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලිසිය සහ සිසුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුර සිසුන් පිරිසක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.



Update: Tuesday, 31 March 2015 - 07:29 PM
................................................................

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනට පොලීසිය කොල්ලූපිටිය මංසන්ධිය ආසන්නයේදී කඳුළු ගෑස් සහ ජල කදම්භ ප්‍රරහාරයක් එල්ල කර තිබෙනවා. අධ්‍යාපන පෞද්ගලිකකරණය, පාසල්වල මුදල් එකතුකිරීම ඇතුලූ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහි කරුණු කිහිපයක් මුල්කරගෙනයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම පා ගමන සංවිධාන කර තිබුණේ.  

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළ අතර හයිලෙවල් මාර්ගය ඔස්සේ තුන්මුල්ල මංසන්ධියට පැමිණියා. අනතුරුව ගාලූ පාර ඔස්සේ අරලියගහ මන්දිරය වෙත ළඟාවීමටයි ඔවුන් උත්සාහ කළේ.


මීට පෙර පල කළ පුවත මෙතනින් බලන්න :

අන්තරේ නිසා රථවාහන තදබදයක්


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories