වැටලීම් 3යි ගංජා කිලෝ 120යි

Wednesday, 01 April 2015 - 10:32

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+3%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+120%E0%B6%BA%E0%B7%92
යාල රක්ෂිතයේ පිළිමගල ප්‍රදේශයේ වගා කර තිබූ ගංජා හේන් දෙකක් කතරගම පොලීසිය වටලා තිබෙනවා. අක්කර දෙකකට ආසන්න ප්‍රමාණයක මෙලෙස ගංජා වගා කර තිබූ අතර, ගංජා ගස් 7000ක් පමණ එහිදී විනාශ කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. ඊයේ සිදුකළ වැටලීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර, මොණරාගල - අම්පාර මාර්ගයේ දඹගල්ල මාර්ගයේදී ගංජා කිලෝග්‍රෑම් 19ක් සමඟ තවත් සැකකරුවෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පලෙයි - කිලාලි ප්‍රදේශයේදී වව්නියාව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ සිදුකළ වැටලීමකින් ද ගංජා කිලෝග්‍රෑම් 102ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories