හිටපු ජනාධිපති ලේකම් CID එකට

Wednesday, 01 April 2015 - 11:35

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+CID+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අතුරුදන්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන සහ යතුරුපැදි 18ක් අස්ථානගත වී ඇති බව මීට පෙර සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊට මෝටර් රථ 08 ක්, යතුරුපැදි 08 ක්, ජිප් රථ 02 ක් සහ කැබ් රථයක් අයත් බවයි. ඊට අදාළ තොරතුරු දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වාණිජ අපරාධ විමර්ශන අංශය දැනුවත් කරන ලෙසද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories