අල්ලස් කොමිසමට ධීවර කබායක්

Wednesday, 01 April 2015 - 12:47

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අමාත්‍ය රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ල විභාග කිරීම ප්‍රමාදවීම ගැන විමසීමට ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායමේ කැඳවුම්කරු අනුරුද්ධ පොල්ගම්පල අද (01) අල්ලස් කොමිසමට පැමිණියා. ඒ, පැමිණිල්ලට අදාළ ධීවර ජීවිතාරක්ෂක කබායක්ද රැගෙනයි. මීට පෙරද ඔහු අල්ලස් කොමිසම හමුවේ මේ පිළිබඳව පැය දෙකකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදුන්නා.

වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ ධීවරයන් වෙනුවෙන් ජීවිතාරක්ෂක කබා මිලදීගැනීමේදී දුෂිත ආකාරයෙන් කටයුතු කර ඇති බවට පැමිණිල්ලෙන් චෝදනා කර තිබෙනවා. ජීවිතාරක්ෂක කබා 32,000ක් පමණ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් ලබාගෙන ඇති බවයි අනුරුද්ධ පොල්ගම්පල ප්‍රකාශ කරන්නේ. අනුමත ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගමට ඇණවුම ලබා නොදී වෙනත් සමාගමකින් ඒවා මිලදීගෙන ඇති බවත් එම ජීවිතාරක්ෂක කබා නියමිත ප්‍රමිතියෙන් තොර බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත්, මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට කැඳවා නැහැ. ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට තමන් අද අල්ලස් කොමිසමට පැමිණි බවයි ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායමේ කැඳවුම්කරු අනුරුද්ධ පොල්ගම්පොල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙම පරීක්ෂණවලට අදාළ ලිපිගොනු අස්ථානගතවීමේ තත්ත්වයක්ද මතු වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories