විපක්ෂ නායකවරයා කවුද ? කතානායකවරයාගේ තීරණය

Wednesday, 01 April 2015 - 12:50

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%3F+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව කතානායක චමල් රාජපක්ෂගේ තීරණය ලබන 07 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී අද (01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  

මේ අතර, කතානායක චමල් රාජපක්ෂ ඊයේ දිනයේ විපක්ෂයේ සියලූම දේශපාලන පක්ෂ නියෝජිතයන් වෙන් වෙන්ව කැඳවා විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ස්ථාවරය විමසා තිබෙනවා. එහිදී විපක්ෂය නියෝජනය කරන සියලූම දේශපාලන පක්ෂ තම ස්ථාවරයන් කතානායකවරයා වෙත දැනුම්දුන් බවයි එම පක්ෂවල නියෝජිතයන් ප්‍රකාශ කළේ.

ජාතික නිදහස් පෙරමුණ කතානායකවරයා වෙත දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විපක්ෂ නායකවරයා ලෙස නම් කළ යුතු බවයි.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ආණ්ඩුවට සහයෝගය දක්වන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වාට හෝ දිනේෂ් ගුණවර්ධනට විපක්ෂ නායක ධුරය දැරීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණට හෝ දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය හිමිවිය යුතු බව කතානායකවරයාට දැනුම්දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේ.

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දරන්නේද ජනතා විමුක්ති පෙරමුණේ මතයට සමාන මතයක්.

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාරගෙන්ද හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ වත්මන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ ගැන තමන්ට ගැටලූවක් ඇති බව කතානායකවරයාට දැනුම්දුන් බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ විපක්ෂ නායකවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය හිටපු කතානායකවරයෙකු වන වි.ජ.මූ.ලොකුබණ්ඩාරගෙන් විමසා සිටියා. ඔහු ප්‍රකාශ කළේ මෙවැනි තත්ත්වයක් තුළදී කතානායකවරයා ලබාදෙන තීරණය අවසන් තීරණය වන අතර, එය කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ අභියෝගයකට ලක් කළ නොහැකි බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories