රත්නපුර නව නගරයේ අද (01)පස්වරුවේ සිදුවූ අනතුරකින් හමුදා සෙබලෙකු මියගොස් තවත් තිස් දෙදෙනෙකු තුවාල ලැබුවා. කොළඹ සිට මොණරාගල බලා ධාවනය වූ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් සහ අනෙක් පසට ධාවනය වූ යුද හමුදා ට්‍රක් රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවුණේ.
රත්නපුර ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටි මෙම ට්‍රක් රථයේ සිට ඇත්තේ කුරුවිට යුද හමුදා කඳවුරේ හමුදා සෙබළුන් පිරිසක්.
තුවාල ලැබූවන්ගෙන් 18 දෙනෙකුම හමුදා සෙබළුන් වන අතර ඉන් හතරදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රත්නපුර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර කියා සිටියේ.
Update : Wednesday, 01 April 2015 - 17:41
--------------------------------------------------
රත්නපුර අනතුරින් 32කට තුවාල - හතරදෙනෙකුගේ තත්ත්වය බරපතලයි
රත්නපුර නව නගරයේදී කොළඹ සිට මොණරාගල බලා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් සහ අනෙක් පසට ධාවනය වූ යුද හමුදා ට්‍රක් රථයක් සමඟ ගැටී සිදුවූ අනතුරෙන් තුවාල ලැබූවන් තිස් දෙදෙනෙකු මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බව රෝහල් අධ්යක්ෂ, වෛද්‍ය සම්පත් රණවීර ප්‍රකාශ කළා. අනතුරින් දෙදෙනෙකු මියගිය බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මීට පෙර ප්‍රකාශ කළත් මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ අනතුරින් මියගොස් ඇත්තේ එක් පුද්ගලයෙකු බවයි. කෙසේ වෙතත් තුවාල ලැබූවන්ගෙන් හතරදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රත්නපුර රෝහල් අධ්යක්ෂවරයා කියා සිටියා.
Update : Wednesday, 01 April 2015 - 16:48

රත්නපුර හමුදා ට්රක්රථ සහ බස්රථ ගැටුමෙන් හමුදාවේ දෙදෙනෙකු මරුට- 28 කට තුවාල
රත්නපුර නව නගරයේදී කොළඹ සිට මොණරාගල බලා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් සහ අනෙක් පසට ධාවනය වූ යුද හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදාවේ දෙදෙනෙකු මියගොස් තවත් 28 කට අධික පිරිසක් තුවාල ලැබුවා. රත්නපුර රෝහල කියා සිටියේ තවමත් තුවාලකරුවන් රෝහල වෙත ගෙන එමින් සිටින බවයි. තුවාල ලැබූවන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. තුවාල ලැබුවන් අතර යුද හමුදා සෙබළුන් මෙන්ම සාමාන්‍ය වැසියන් කිහිපදෙනෙකුද සිටිනවා.
Update : Wednesday, 01 April 2015 - 15:39

රත්නපුර නව නගරයේ බරපතල රිය අනතුරක්
රත්නපුර නව නගරයේදී කොළඹ සිට මොණරාගල බලා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් සහ අනෙක් පසට ධාවනය වූ යුද හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදාවේ දෙදෙනෙකු මියගොස් තවත් 28 කට අධික පිරිසක් තුවාල ලැබුවා. රත්නපුර රෝහල කියා සිටියේ තවමත් තුවාලකරුවන් රෝහල වෙත ගෙන එමින් සිටින බවයි.

Follow US
Most Viewed Stories