යහපාලනය තුළ සත්‍යයට මිස මාධ්‍ය සංදර්ශනවලට ඉඩක් නැහැ - පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා

Wednesday, 01 April 2015 - 19:59

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B7%83+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-++%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F
මුල්ලේරියාව සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (01) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණා.  නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා පැවසුවේ යහපාලනය තුළ සත්‍යයට මිස මාධ්‍ය සංදර්ශනවලට ඉඩක් නොමැති බවට තමන් විශ්වාස කරන බවයි.

මුල්ලේරියාව සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණේ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය ඉදිරියේයි.

නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා පැවසුවේ තමන් අධිකරණයේ සාධාරණත්වය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා දැක්වූ අදහස්...

‘‘ඇත්ත වශයෙන්ම මම නිවැරදිකරු වශයෙන් කටයුතු කරනවා. මේ අභූත චෝදනාවලට නීතිය මාර්ගයෙන් සහනයක් පතනවා. මොකද මම දන්නවා මම වැරදිකරලා නැහැ කියලා. ‘‘

මේ අතර, මුල්ලේරියාව සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදීන් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළා.

- මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ අදහස් පහතින්...

මාධ්‍යවේදියා  - අද දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට  ඇප හම්බ වෙලා තියෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා     - ඇප දිය යුතුයි.  ඇප පිටනේ එයා හිටියේ..

මාධ්‍යවේදියා  - ඔබතුමාගේ පාලන කාලයේදී මේ සදහා ක්‍රියාමාර්ග ගත්තද?

මහින්ද  රාජපක්ෂ මහතා   -  අපේ පාලන කාලයේදීනේ නඩුව ගෙනිච්චේ... නඩුවකින් තීන්දුවක් ගන්නකං විත්තිකාරයා වැරදිකාරයෙක් වෙන්නේ නැහැ. විත්තිකාරයා සැකකරුවෙක් පමණයි.

 සම්පුර්ණ වීඩියෝව පහතින්...



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories