ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීමට ඉන්දියාවේ සහය

Thursday, 02 April 2015 - 8:05

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
යේමනයේ ඇතිවී තිබෙන යුද ගැටුම්වලට මැදිවී සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ සහය ද ලබාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. යේමනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 120 දෙනෙකු සානා අගනුවර රැඳී සිටින බවයි වාර්තාවන්නේ. ඊයේ (01) දිනයේදීද යේමනයේ බටහිර ප්‍රදේශයට එල්ලවූ ගුවන් ප්‍රහාර කිහිපයක් හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මීට අමතරව ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා  හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ  අදාළ තානාපති අංශ මේ වනවිටත් දැනුවත් කර ඇති බවයි. හැකි ඉක්මණින් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් කරමින් සඳහන් කළේ තම ඥාතීන් යේමනයේ සිටින්නේ නම් ඒ පිළිබඳව වහාම විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසයි. ඒ සඳහා විශේෂිත දුරකථන අංක දෙකක්ද වෙන් කර තිබෙනවා. 011 58 39 414 සහ 011 23 23 015  ඔස්සේ ඇමතීමෙන් ඊට අදාළ තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories