"එහෙනම් පර්දාව තහනම් කරනු" - සිංහල රාවය

Thursday, 02 April 2015 - 8:22

%22%E0%B6%91%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%94%22+-+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BA
ෆුල් ෆේස් හෙල්මට් නීතිය අද (02) සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එම නීතිය කඩකරන්නන්ට දඩ කොළ  නිකුත් කිරීමටද පියවර ගන්නා බවයි.

 කෙසේ වෙතත් නව නීතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විරෝධය එල්ල කරනවා. මාතර තරුණ බෞද්ධ සංගමයේ පිරිසක් සහ මාතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් ඊයේ (01) මෙම හෙල්මට් නීතියට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. එම පැමිණිල්ල මගින් ඔවුන් අවධාරණය කර තිබුණේ මෙම නීතිය නිසා තම ජීවිතවලට දැඩි අවදානමක් මතුවන බවයි.

මේ අතර සිංහල රාවය සංවිධානයද ඊයේ දිනයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෙම නීතියට විරෝධය එල්ල කළා. එම මාධ්‍ය හමුවට එක්ව සිටි ඇතැම් සිවිල් පුද්ගලයන් ෆුල් ෆේස් හෙල්මට් පැළඳ සිටි අතර තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු මුහුණ වැසෙන අයුරින් පර්දාව පැළඳ සිටියා.  

 එමෙන්ම පසුගිය ඉරිදා ගාලූ මුවදොර පිටිය ඉදිරිපිටට රැස්වූ යතුරුපැදිකරුවන් පිරිසක් උද්ඝෝෂනයක නිරතවූයේ මෙම නීතියට විරෝධය පළ කරමින්. එම අවස්ථාවට යතුරුපැදිකරුවන් 400කට අධික සංඛ්‍යාවක් සහභාගි වී සිටියා.

කෙසේ වෙතත් මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටියේ මෙම නීතියට විරෝධය පළ කරමින් පාර්ශව ගණනාවකින් ජනාධිපතිවරයාට සහ අග‍මැතිවරයා වෙත පැමිණිලි ලැබී ඇති බවයි. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සළකා බැලීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories