ඇමති රාජිතගේ පවුලට එරෙහි නඩුව ගැන මහාධිකරණය, මහේස්ත්‍රාත් වාර්තාවක් ඉල්ලයි

Thursday, 02 April 2015 - 12:40

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඇමති රාජිත සේනාරත්න ඇතුලූ ඔහුගේ පවුලට එරෙහි නඩුව පිළිබඳ මහාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තාවක් කැඳවනු ලැබුවා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි.

2014 වසරේදී පාසල් දැරියක් දෙමාපිය භාරයෙන් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්නට, ඔහුගේ බිරිඳට සහ පුතුන් දෙදෙනාට එරෙහිව දැරියගේ දෙමව්පියන් පසුගිය 20 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළා. ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න ඔහුගේ බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න, පුතුන් දෙදෙනා වන එක්සත් සේනාරත්න සහ චතුර සේනාරත්න ඇතුලූ වගඋත්තරකරුවන් 14 දෙනාට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරුණා.  වගඋත්තකාර පාර්ශවයේ කිසිවෙකුත් අධිකරණයට පැමිණ නොසිටි නමුත් ඔවුන්ගේ නීතීඥවරුන් උසාවියට පැමිණ සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය වසරේ පෙබරවාරි මස 24 වැනිදා ඇමති රාජිත සේනාරත්නගේ දෙවැනි පුත් එක්සත් සේනාරත්න, පොල්හේන්ගොඩ, ලයනල් එදිරිසිංහ මාවතේ පදිංචි දිනිති ආලෝක රණසිංහ නමැති තම දියණිය පැහැර ගෙන ගොස් ඇති බවට දෙමාපියන් චෝදනා කළා. මෙම පැහැර ගැනීම ඇයට  වයස අවුරුදු 16ක් ව තිබියදී  සිදුවූ බවට දෙමව්පියන් ගොනුකළ නඩුවෙහි තවදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් එම මව්පියන් විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුව අද කැදවනු ලැබුවේ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා ඉදිරියේයි.

නීතිඥ මංජුල නිමේෂ් කුමාර පැමිණිල්ලේ නීතිඥ

පෙත්සමේ ආයාචනයේ සහනයක් ඉල්ලලා තිබුණා, අතුරු සහනයක් හැටියට මේ සම්බන්ධයෙන් දරුවාව අධිකරණය වෙත ඉදිරිපත් කරලා විමර්ශනයක්, විමසීමක් එහෙන නැත්නම් ඉන්ක්වරි එකක් කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතාත්, ගරු අධිකරණය ඉදිරියේ එකග වුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම පෙත්සම යොමු කළා මහේස්ත්‍රාත්තුමාගේ විමර්ශනයක් සදහා. අවුරුදු 18 වනතුරු අවුරුදු 16 - 18 ත් අතර කාල පරිච්ඡේදය අතරතුර ළමයෙකුට, විශේෂයෙන්ම කාන්තාවකට විවාහ වෙන්න බෑ. ඒ සදහා දෙමාපියන්ගේ අවසරය තියෙන්න ඕන. අවුරුදු 16 න් පස්සේ ලිංගික වරදක් විස්ථාපනය නොවුනත් නීතියේ දණ්ඩ නීති සංග්‍රහයේ බොහෝ වගන්තිවල පැහැදිලි කරලා තියෙනවා 286 සහ 360 පසුව ඇතිවෙච්ච සංශෝධනවල ළමයා කියලා අර්ථ නිරූපනය කරන්නේ අවුරුදු 18 ට අඩු තැනැත්තෙකු හෝ තැනැත්තියක් කියලා. එතකොට මෙතන තියෙන ගැටලුව තමයි මේ නඩුවේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ.

ගාමිණී රණසිංහ - පැහැර ගැනීමට ලක්වූ බව කියන දැරියගේ පියා

අපේ ඉල්ලීම් ගරු මහාධිකරණයෙන් අවසර දුන්නා  උසාවියට ගෙනල්ලා ළමයා පිළිබඳ විභාගයක් කරලා මහාධිකරණයට නැවත ජුනි 03 වැනිදාට ඉදිරිපත් කරන්න කියලා.

ප්‍රශ්නය -     දැන් ළමයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහත්තයා කිව්වා ළමයාගේ කැමැත්තක් නැහැ කියලා දෙමාපියෝ ගාවට යන්න. මේ ගැන මොකද කියන්නේ?

පිළිතුර -    මෙහෙමනේ මාස 7 ක් ඒ ගොල්ලොන්ගාව ළමයා පෙන්නන්නේ නැතුව ඉන්නකොට මේ ළමයාව ඒ ගොල්ලන්ට ඕන විදිහට හරවා ගන්න පුළුවන්. එයා දරුවෙක්. එයා මොනවා කිව්වත් අපි එහෙම තරහක් වෙන්නේ නැහැ. ළමයා මානසිකව එගොල්ලන්ගේ ග්‍රහණයේ ඉදගෙන ඒගොල්ලෝ ට්‍රේන් කරලා පුහුණු කරන විදිහට ළමයා කියයි. ඒක අපිට කරන්න දෙයක් නැහැ. එයා පොඩි ළමයෙක්. 18 ට අඩු ළමයෙක්. අපිට ඕනේ ළමයා වැඩිදුර අධ්‍යාපනයට අරගෙන යන්න. ළමයා හොද ඉස්කෝලෙකට කොහෙවත් යවන්නේ නැහැ. එයාට තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා ඉස්කෝලේ යනවා. අඩනවා. සන්තෝසෙකින් නැහැ. අඩු ගානේ දෙමාපියන්ට අපි හියුමන්නේ. මානුෂිකව මේ ළමයාව පෙන්වන්න ඕනේ. ළමයාව මානුෂිකව සහෝදරයෝ දෙන්නට පෙන්නන්න ඔනේනේ. ඒ මුකුත් නෑනේ. මේ හදපු කිරිදීපු අම්මානේ. අම්මාට පෙන්වන්න ඔනේ නේ. ඒවා නැහැනේ. මානුෂිකව හරි සවුත්තු වැඩක් කරන්නේ මේ ඇමතිතුමත් නෝනත්.

මෙම නඩුවේ වගඋත්තරකාර පාර්ශ්වයක් වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණ ද ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔවුන් වෙනුවෙන් නීතිඥයින් ඉදිරිපත් වුණා.   
මේ අතර, දිවි නැගුම ව්‍යාපෘතියේ සිදුව තිබෙන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව අද කැඳවනු ලැබුවා.  ඒ, ආර්ථික සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෝසමක් මගින් කර තිබූ ඉල්ලීමකට අනුවයි.

නීතිඥ යූ.ආර්. ද සිල්වා - විත්තියේ නීතිඥ

මේ පිළිබඳව විශේෂ අපරාධ මුල්‍ය ඒකකයට දැනුම් දීලා, නොතිසි ලබාදී තිබූ නමුත්, ඔවුන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැහැ. ඒ නිසා එතුමා අද දින විශේෂ නියෝගයක් කළේ නැහැ එතුමා ප්‍රකාශ කළේ මවිසින් පැහැදිලිව දක්වා තිබෙන්නේ ආගමන විගමන පාලකට මේ අවස්ථාවේදී බැසිල් රෝහණ රාජපක්ෂ හිටපු ඇමතිතුමා ලංකාවට පැමිණෙන අවස්ථාවේදී එම ඒකකයට ගොස් කටඋත්තරයක් ලබාදීම පමණයි. කිසිදු අවස්ථාවක වරෙන්තුවක් හෝ වෙනත් ආකාරයේ නියෝගයක් එතුමා කර නැහැ. ඒ පිළිබද සහතික පිටපතක් ගැනීමට අපට උපදෙස් දෙනු ලැබුවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories