19 වන ව්‍යවස්ථා සංශෝධනය මේ මස 09 සහ 10 යන දෙදින තුළ විවාදයට ගැනීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට තමන් උපරිම සහය ලබාදෙන බවට ජනාධිපතිවරයා අද (02) පැවති ජාතික විධායක සභාවේදී පොරොන්දු වූ බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේ.
කෙසේ වෙතත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකර ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදුකරන්නේ නම් ඊට නිදහස් පක්ෂය විරෝධය පළ කරන බවයි එම පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සඳහන් කළේ. ඔහු මෙම අදහස් පළ කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම් 19 ක් සලකා බැලීම ඊයේ ආරම්භ වුණා. අද දිනයේ පස්වරුව වනතුරුත් එම පෙත්සම් අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ඇතුළු ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වෙමින් පැවති බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

Follow US
Most Viewed Stories