Update : ඉන්දීය ජාතික යුවල දිවිනසා ගැනීමට හේතුව කැසිනෝ පරාජයක් ද ?

Friday, 03 April 2015 - 7:51

Update+%3A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF+%3F
වැල්ලවත්තේ හෝටලයක් තුළ ඉන්දීය ජාතික යුවලක් දිවි නසා ගැනීමට හේතුව කැසිනෝ ක්‍රීඩාවෙන් ලද පරාජයක් හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් බවට සැක කරන බව පොලිසිය පවසනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ මියගිය යුවල කාලයක් තිස්සේ කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටි බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

මෙම ඉන්දීය ජාතික යුවලගේ මළ සිරුරු වැල්ලවත්තේ හෝටල් කාමරයක් තුළ තිබී හමුවූයේ ඊයේ (02) පස්වරුවේදීයි. අදාළ යුවල පිළිබඳ තොරතුරක් නොමැති බවට හෝටලයේ හිමිකරු වැල්ලවත්ත පොලිසියට කළ දැනුම්දීමකට අනුව මළ සිරුරු සොයා ගැනුණා. මෙම ඉන්දීය ජාතික යුවල හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණ ඇත්තේ පසුගිය මාර්තු 27 වැනිදායී. ගතවූ දින කිහිපය තුළ ඔවුන් දහවල් කාලයේ මෙන්ම රාත්‍රි කාලයේද වැඩි වේලාවක් හෝටලය තුළ නොසිටි බව අනාවරණය වී තිබෙනවා.

යුවල මියගිය කාමරය තුළ විෂ සහිත පානයක් තිබී පරීක්ෂණ කණ්ඩායම්වලට හමු වී ඇති අතර, මේ හේතුවෙන් මෙය සියදිවි හානිකර ගැනීමක් බවට ප්‍රබල සාක්ෂි පවතින බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්, අවසන් නිගමනයක් ප්‍රකාශ කළ හැක්කේ කළුබෝවිල රෝහලේදී අද සවස සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.



Update : Friday, 03 April 2015 - 12:41
-----------------------------------------------
වැල්ලවත්තේ ඉන්දීය යුවල දිවි නසා ගත්තේ දැයි සැක!

වැල්ලවත්තේ හෝටලයක් තුළ මියගොස් සිටියදී ඊයේ (02) සොයා ගැනුණු ඉන්දීය ජාතික යුවල දිවි නසා ගත්තේ දැයි යන්න පිළිබඳ පොලිස් පරීක්ෂණවලදී සැක මතු වී තිබෙනවා. ඔවුන් මියගොස් සිටි ස්ථානය ආසන්නයේ තිබී කිසියම් විෂ පානයක් හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

කොළඹ - වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ සැක කටයුතු ලෙස මියගොස් සිටි ඉන්දීය ජාතික යුවලකගේ සිරුරු හමුවූයේ ඊයේ පස්වරුවේදීයි. කෙසේ වෙතත්, ඔවුන් මියයාමට හේතුව නිශ්චිතව අනාවරණය වූයේ නැහැ. මොවුන් විවාහක යුවලක් වන අතර, පසුගිය මාර්තු 27 වැනිදා මෙම හෝටලයේ නවාතැන්ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories