කොරියානු විභාගය ජුනි 13 සහ 14

Friday, 03 April 2015 - 10:58

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92+13+%E0%B7%83%E0%B7%84+14


14 වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය මෙවර ජුනි මස 13 සහ 14 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා. කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව පවත්වන විභාගය පෙර වසරවලදී පවත්වනු ලැබුවේ ඔක්තෝබර් මාසයේදීයි. කොරියානු රජය සහ ලක් රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුව බලපත්‍ර ක්‍රමයක් යටතේ  රැකියා අවස්ථා  ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.  එමඟින් වසරක් තුළ ශ්‍රී ලාංකිකයන් 5,000 කට කොරියානු රැකියා හිමිවනවා. මෙම ක්‍රමය යටතේ දැනට දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රීලාංකිකයින්ගේ සංඛ්‍යාව 26,000 ක්.

මේ අතර, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල ප්‍රකාශ කළේ ඉදිරියේදී වසරකට කොරියානු රැකියා 15,000 ක පමණ මෙරටට ලබා ගැනීමට තමා අපේක්ෂා කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories