විමුක්තිගේ දේශපාලනය ගැන කතා කිරීමට මම අකමැතියි

Friday, 03 April 2015 - 18:52

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B8+%E0%B6%85%E0%B6%9A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92
විමුක්ති කුමාරණතුංග දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් තමා කිසිවක් ප්‍රකාශ කිරීමට අකමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ප්‍රකාශ කළා. ඇය මේ බව කියා සිටියේ හින්දු පුවත්පත සමඟ පැවති සාකච්ඡාවකදියි. හිටපු ජනපතිනියගේ පුතු වන විමුක්ති කුමාරණතුංග මෙරට ක්‍රියාකාරී දේශපාලනයට අවතීරණය වීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙනුයි එහිදී ඇයගෙන් විමසා තිබුණේ.

හින්දු පුවත්පත ඇය සමඟ මෙම සාකච්ඡාව සිදුකර තිබුණේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව ද කරුණු විමසමින්. සංහිදියාව සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතුවලට හිටපු ජනාධිපතිනිය දක්වන දායකත්වය ද මෙහිදී ප්‍රශ්න කෙරුණා. හින්දු පුවත්පත වෙත අදහස් දක්වමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය වැඩිදුරටත් සදහන් කර තිබුණේ තමා යළි මැතිවරණ දේශපාලනයට පැමිණීමට අපේක්ෂා නොකරන බවයි. සංහිදියාව වෙනුවෙන් අවශ්‍ය පූර්ණ සහය ලබාදීමට සූදානම් බවත්, ඇය ප්‍රකාශ කළා. සංහිදියාව සඳහා විධිමත් ක්‍රියාමාර්ග නොගතහොත් ජාතික සමගිය උදෙසා ගෙන යන වැඩපිළිවෙල බිඳ වැටිය හැකියි. ඉන්දියාව මේ සදහා ලබාදෙන සහාය ඉතා වැදගත් වනවා. නව රජය පෙර පැවති රජය මෙන් නොව ඉන්දියාව සමඟ තවදුරටත් සමීප සබදතා ඇති කර ගැනීමට කටයුතු කරන බව ද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories