Update : අක්කයි නංගියි කළු ගඟට බිළි

Friday, 03 April 2015 - 18:56

Update+%3A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92
රත්නපුර - කහංගම - හොලිපිටිය ප්‍රදේශයේ කළුගෙඟ් දිය නෑමට ගිය එකම පවුලේ සිව් දෙනෙකු ඊයේ (03) දියේ ගිලී ඇති අතර,  එහිදී එක් දරු මවක මිය ගොස් 14 හැවිරිදි ඇගේ සොයුරිය අතුරුදන්ව තිබෙනවා. දියේ ගසාගෙන ගිය ඔවුන්ගේ මව සහ පියා ප්‍රදේශවාසීන් විසින් මුදාගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම පිරිස පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන්. මිය ගිය 20 හැවිරිදි එක් දරු මව විවාහ වී පදිංචි වී සිටින්නේ රත්නපුර - හොලිපිටිය ප්‍රදේශයේයි. අතුරුදන් වූ 14 හැවිරිදි ඇගේ නැගණියගේ සිරුර සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Update : Saturday, 04 April 2015 - 7:52
----------------------------------------
කළු ගෙඟ් දිය නෑමට ගිය සොයුරියන් දෙදෙනෙකු දියේ ගිලේ

රත්නපුර - කහංගම - හොලිපිටිය ප්‍රදේශයේ කළුගෙඟ් දිය නෑමට ගිය එකම පවුලේ සොයුරින් දෙදෙනෙකු අද (03)  දියේ ගිලී ඇති අතර එක් අයෙකුගේ මළ සිරුර මේ වන විට සොයාගෙන තිබෙනවා. අනෙක් සොයුරිය අතුරුදන්ව ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ. මිය ගිය වැඩිමහල් සොයුරිය 20 හැවිරිදි එක් දරු මවක් වන අතර අතුරුදන්ව ඇත්තේ 18 හැවිරිදි ඇගේ නැගණියයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories