Update : ඥානප්‍රභ හිමියන් දූෂණ රැසකට සම්බන්ධලු

Friday, 03 April 2015 - 20:29

Update+%3A+%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BD%E0%B7%94
ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කළ ජාතික හෙළ උරුමය නියෝජනය කරන පූජ්‍ය වේවැල්දූවේ ඥානප්‍රභ හිමියන් දූෂණ රැසකට සම්බන්ධ බවට නගර සභාවේ මන්ත්‍රීවරුන් චෝදනා කරනවා. ඇඹිලිපිටියේ මහජනතාව ද පෙන්වා දෙන්නේ උන්වහන්සේ සිය මන්ත්‍රී ධුරයට මුවා වී විවිධ දූෂණ සිදුකරන බවයි.

සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජාතික හෙළ උරුමය නියෝජනය කරන පූජ්‍ය වේවැල්දූවේ ඥානප්‍රභ හිමියන් ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කළා. මහඇමතිවරයා කියා සිටියේ නගර සභා ආඥා පනත යටතේ තමන්ට හිමි බලතලවලට අනුව මෙම පියවර ගත් බවයි.

පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සිදුකළ පරීක්ෂණයකින් පසු සබරගමුව මහඇමතිවරයා උන්වහන්සේට ගොනු කළ චෝදනා පත්‍රයේ දූෂණ සහ විෂමාචාර චෝදනා 14ක් ඇතුළත්. ඉන් පළමු චෝදනාව වන්නේ නගර සභා කාර්යාලයට මීටර් 600ක් දුරින් අනවසර මහල් ගොඩනැගිල්ලක් ඉදිවද්දී එය වැළැක්වීමට කටයුතු නොකිරීමයි. ඥානප්‍රභ හිමියන්ට එරෙහි දෙවන චෝදනාව ලෙස නගර සභාවේ ගොඩනැගිලි සැලසුම් කමිටුවේ නිර්දේශය හිමිවීමට ප්‍රථම ගොඩනැගිලි දෙකක් සඳහා අනුමැතිය ලබාදුන් බව දැක්වෙනවා. නගර සීමාව තුළ අනවසර ඉදිකිරීම් වැළැක්වීමට කටයුතු නොකිරීම, කසල බඳුන් මිලදී ගැනීමේ දී අනුමත නීතිවලට පටහැනිව ක්‍රියා කිරීම, අදාළ භාණ්ඩ අඩු මිලට මිලදී ගත් බවට ව්‍යාජ ලිපි ලේඛන සැකසීම යන චෝදනා ද එහි ඇතුළත්. එම මිලදී ගැනීම් සඳහා රුපියල් 90,000ක චෙක්පතක් නිකුත් කිරීමට නාගරික ලේකම්වරියට බලපෑම් කළ බවටත් ඥානප්‍රභ හිමියන්ට එරෙහිව චෝදනා එල්ල වනවා.

නගර සභාව සතු ට්‍රැක්ටරයක් භාවිත කර බලපත්‍ර රහිතව දැව කඳන් ප්‍රවාහනය කිරීම, ප්‍රතිපාදනවලට පටහැනිව සේවකයන් යොදවා ගැනීම, එම සේවකයන්ට රුපියල් ලක්ෂ 2කට අධික මුදලක් නීත්‍යානුකූල නොවන ලෙස වැය කිරීම මෙන්ම නගර සභාවේ කොන්ත්‍රාත් ඥානප්‍රභ හිමියන්ගේ අභිමතය මත පමණක් ලබාදීම මෙම චෝදනාවලට ඇතුළත්. විෂය භාර අමාත්‍යවරයෙකු විසින් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ලබාදී ඇති උපදෙස් මත ක්‍රියා නොකිරීම පිළිබදව ද ජාතික හෙළ උරුමය නියෝජනය කරන පූජ්‍ය වේවැල්දූවේ ඥානප්‍රභ හිමියන්ට එරෙහිව එල්ල වන චෝදනාවක්.

අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ මන්ත්‍රීවරුන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ සභාපති හිමියන් අත්තනෝමතික ලෙස ඉන්ධන දීමනාව පවා ලබාගෙන ඇති බවයි.  

පූජ්‍ය වේවැල්දෙනියේ ඥානප්‍රභ හිමියන්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වන රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනී රෝහණ, මෙය යහපාලනයේ සැබෑ ස්වරූපය බව කියා සිටියා.

ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ කොකාගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විට බවයි.

පූජ්‍ය වේවැල්දූවේ ඥානප්‍රභ හිමියන් නගර සභාවේ සභාපතිවරයාව සිටියදී සිදුකළ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ජනතාව ද ප්‍රසාදයක් පළ කළා.

Update : Saturday, 04 April 2015 - 8:44
----------------------------------------
ඇඹිලිපිටියේ සභාපති හිමියන් දූෂණ වංචා රැසකට සම්බන්ධ බවට චෝදනා

ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කළ ජාතික හෙළ උරුමය පක්ෂය නියෝජනය කරන පුජ්‍ය වේවැල්දූවේ ඥානප්‍රභ හිමියන් දූෂණ ක්‍රියා රැසකට සම්බන්ධ බව ඇඹිලිපිටිය නගර සභාවේ මන්ත්‍රිවරුන් චෝදනා කරනවා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහජනතාව ද පෙන්වා දෙන්නේ ඥානප්‍රභ හිමියන් සිය මන්ත්‍රිධුරයට මුවා වී විවිධ දූෂණ ක්‍රියා සිදුකරන බවයි.

ජාතික හෙළ උරුමය පක්ෂය නියෝජනය කරන පූජ්‍ය වේවැල්දූවේ ඥානප්‍රභ හිමියන් ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණේ ඊයේ දිනයේදී.
ඒ, සබගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරමින්.

එම ගැසට් පත්‍රය දක්වා තිබුණේ නගර සභා ආඥා පනත යටතේ මහ ඇමතිවරයාට හිමි බලතලවලට අනුව ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ධුරයෙන් පූජ්‍ය වේවැල්දූවේ ඥානප්‍රභ හිමියන් ඉවත් කළ බවයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories