ශ්‍රී ලංකා ජනපති අනුරූ පිළිස්සූ තමිල්නාඩුවේ 10ක් අත්අඩංගුවට

Saturday, 04 April 2015 - 13:12

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%96+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+10%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඉන්දියාවේ තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් මසුන් මැරීමේ නිරත වූ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් එරට වෙරළාරක්ෂක බලකාය මගින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් සාගර් නෞකාව මගින් චෙන්නායි වෙරළට නාවික සැතපුම් 158ක් ඔබ්බෙන් ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කපිල පුතා නමැති ධීවර යාත්‍රාවයි. එහි සිටි ධීවරයන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය සමුද්‍ර කලාප පනත උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඔවුන් නීතිමය කටයුතු සඳහා චෙන්නායි වරාය වෙත රැගෙන ගිය බවත්, ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර, මෙරට මුහුදු සීමාව උල්ලංගණය කළ ඉන්දීය ධීවරයන් 37 දෙනෙකු යාත්‍රා 5ක් ද සමඟ නාවික හමුදාව ඊයේ අත්අඩංගුවට ගත්තා. ඒ, පේදුරුතුඩුවට උතුරෙන් වූ මුහුදු තීරයේදියි. ඔවුන් කන්කසන්තුරෙයි වරාය වෙත රැගෙන ආ අතර නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි.

පසුගිය මාර්තුවේ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා චෙන්නායි නුවර දී පැවැත්වුණු අතර, පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර ගැටළුව පිළිබදව දෙපාර්ශවයෙන්ම යෝජනා එහිදී ඉදිරිපත් වුණා. කෙසේ නමුත් ඉන්දීය පාර්ශවය යෝජනා කළ පරිදි මෙරට මුහුදු තීරයේ වසරකට දින 83ක් මසුන් මැරීමට ලක් රජය මෙතෙක් එකඟත්වය පළ කර නැහැ. එමෙන්ම මෙරට මත්ස්‍ය සම්පත විනාශ කරන තහනම් ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකාව අවධාරණය කළා. එමගින් මෙරට ධීවර ප්‍රජාවේ ජීවිකා වෘත්තියට හානි පමුණුවන බවයි ලක් රජය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව මෙලෙස තමිල්නාඩු ධීවර යෝජනා ප්‍රතික්ෂේප කිරීම පිළිබදව තමිල්නාඩු කොංග්‍රස් දේශපාලනඥයෙකු වන ජී.කේ. වාසන් සිය විරෝධය පළ කර තිබෙනවා. එමෙන්ම ධීවර ගැටළුව මුල් කරගෙන මෙරට ජනාධිපතිවරයාගේ අනුරූ පිළිස්සූ පුද්ගලයන් දස දෙනෙකු තමිල්නාඩුවේ කුම්භකෝනම් ප්‍රදේශයේදී ඉන්දීය පොලීසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories