Update: යේමනයේ ශ්‍රී ලාංකිකයන් 59 ක් හෙට දිවයිනට

Saturday, 04 April 2015 - 13:18

Update%3A+%E0%B6%BA%E0%B7%9A%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+59+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
යුද ගැටුම් පවතින යේමනයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 59 දෙනෙකු හෙට (05) දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි සභාපති නන්දපාල වික්‍රමසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ චීන ගුවන් යානයකින් බහරේන් දක්වා පැමිණෙන එම ශ්‍රී ලාංකිකයින් පිරිස හෙට රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිත බවයි. යේමනයේ පවතින වාතාවරණය තුළ එරට සිටින විදෙස් ශ්‍රමිකයින්ට දැඩි අනාරක්ෂිත තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

Update : Saturday, 04 April 2015 - 18.11
--------------------------------------------------
යේමනයේ අතරමංවී සිටින ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු හෙට දිවයිනට

යුද ගැටුම් පවතින යේමනයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු පමණ හෙට (05) දිනයේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ සඳහා චීනයේ සහාය හිමි වන බවයි.

චීනයට අමතරව ඉන්දියාව සහ ඉන්දුනීසියාව ද යේමනයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීමට සහාය පළ කරන බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර, යුද ගැටුම් පවතින යේමනයේ සිර වී සිටි විදේශිකයන් 225 දෙනෙකු චීන යුද නෞකාවක් මගින් ඊයේ (03) බේරා ගත් බව එරට විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ජාත්‍යන්තර අර්බුදයකදී වෙනත් රටවල වැසියන් බේරා ගැනීමට චීනය ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ. පාකිස්තානය, ඉතියෝපියාව, ඉතාලිය, ජර්මනිය, පෝලන්තය, අයර්ලන්තය, බ්‍රිතාන්‍යය සහ කැනඩාව යේමනයේ අතරමං වී සිටින තම වැසියන් බේරා ගැනීම සඳහා චීනයේ සහාය ඉල්ලා තිබුණා. විදේශිකයන් ඉවත් කර ගැනීම සඳහා චීන යුද නෞකාව අවදානම් සහිත මෙහෙවරක නිරත වූ බවයි ආරක්ෂක විචාරකයන් පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories