Update: පෑලියගොඩ අවට ජල කප්පාදුව නෑලූ

Saturday, 04 April 2015 - 15:32

Update%3A+%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%91%E0%B6%BD%E0%B7%96
පෑලියගොඩ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට හෙට (05) උදෑසන අටේ සිට පස්වරු 05 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කිරීමට සිදුවූ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. පාස්කු ඉරිදා දිනය හෙට දිනයට යෙදී තිබෙන නිසාවෙන් ජල පාරිභෝගිකයින් පත්වන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් තීරණය ගත් බවයි මණ්ඩලය ප්‍රකාශ කළේ. බියගම ජල පවිත්‍රාගාරයේ හෙට දිනයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිබල මණ්ඩලය එම පවිත්‍රාගාරයේ විදුලිබලය කප්පාදු කරන බව දන්වා තිබීම හේතුවෙනුයි හෙට දිනයේ ජල කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබුණේ. එම නිවේදනයට අදාළව පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, කැළණිය, වත්තල, හැඳල, බියගම, මහර, දොම්පේ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් ජාඇල නගර සභා සහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලටයි ජල සැපයුම අත්හිටුවීමට නියමිත වූයේ.

Update : Saturday, 04 April 2015 - 20.41
--------------------------------------------------
පෑලියගොඩ සහ අවට හෙට (05) ජල සැපයුම අත්හිටුවේ

හෙට (05)  උදෑසන අටේ සිට පස්වරු 05 දක්වා පැය 09 ක කාලයක් පෑලියගොඩ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, කැළණිය, වත්තල, හැඳල, බියගම, මහර, දොම්පේ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් ජාඇල නගර සභා සහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලටත් ජල සැපයුම සීමා වනු ඇති. ඊට අමතරව බියගම ආයෝජන කලාපයේද ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. විදුලිබල මණ්ඩලය හෙට දිනයේදී එම ප්‍රදේශවලට විදුලිය අත්හිටුවන බවට සිදුකළ දැනුම්දීමක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories